Friday, July 04, 2025
Follow Us
පාසල් සිසුන්ට වාර විභාග දෙකයි

පාසල් සිසුන් සඳහා වසරකදී වාර විභාග දෙකක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

වැඩබලන අධ්‍යාපන ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසුවේ වසර මැද සහ අවසානයේ පමණක් වාර විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

කෑගල්ල මහා විද්‍යාලයේ නිවාසන්තර ක්‍රීඩා උත්සවයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27 වැනිදා) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහිවෙන්නේ පාසල්වලින්. නමුත් වසරේ මුල් මාසවල පැවැත්වෙන ක්‍රීඩාවලට දරුවන් සහභාගි වන්නේ අඩුවෙන්. ඊට හේතුව තමයි පළමු වාර විභාගය මාර්තු මාසයේ පැවැත්වෙන නිසා එම විභාගයට මුහුණදී අඩු ලකුණු ප්‍රමාණයක් ගැනීමට වෙයි යන බිය නිසා, දෙමාපියන්ද දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නේ නෑ.

එසේ දරුවන් ක්‍රීඩාවට යොමු නොවන විට ක්‍රීඩා දස්කම් ඇති දරුවන් හඳුනා ගැනීමට අපහසුයි.

(Aruna)