Friday, July 04, 2025
Follow Us
MCC විද්වත් කමිටුව මහජන අදහස් විමසීමට සැරසෙයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබා ගැනීමටය, රජය විසින් පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබෙනවා.

අග්‍රමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල ගිවිසුමේ අන්තර්ගතය සහ එහි බලපෑම සම්බන්ධයෙන් ඔ්නෑම ආයතනයකට, සංගමයකට හෝ පුද්ගලයෙකුට සිය අදහස් හා යෝජනා විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බවයි. පෙබරවාරි 15 වැනිදාට පෙර ඒ සඳහා ඉල්ලීම් සිදුකළ හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් මත අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය සහිතව මෙම විද්වත් කමිටුව පත් කෙරිණි.

(LNW)