Friday, July 04, 2025
Follow Us
රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තාව ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමයට දින වෙන්කිරීම හෙට සිට

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික සඳහා වෛද්‍ය පරීක්ෂණයට දින සහ වේලාව වෙන් කර ගැනීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට අවස්ථාව පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව www.ntmi.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වෛද්‍ය සහතික සඳහා දින සහ වේලාව වෙන් කර ගැනීමට හැකියාව බවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

(Aruna)