Friday, July 04, 2025
Follow Us
අගමැතිගේ මැදිහත් වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩු කෙරේ !

හජ් වන්දනා සමයේදී මක්කම වන්දනාවේ යන බැතිමතුන්ගෙන් මෙතෙක් පෞද්ගලික ආයතන අය කළ මුදලට වඩා විශාල මුදලක් අඩුවෙන් මෙවර රජයේ මැදිහත් වීමෙන් එම වන්දනා චාරිකා සංවිධානය කිරීමට ආගමික කටයුතු අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා හජ් වන්දනා කමිටුව පවසයි.

ඒ අනුව මෙතෙක් එක් වන්දනාකරුවකුගෙන් රුපියල් ලක්ෂ 8ක් ඉක්මවූ මුදලක් අය කළ වන්දනා චාරිකා පැකේජ වෙනුවට රුපියල් ලක්ෂ 5ක සහනදායී මිලකට මක්කම සංචාරය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට හිමිවනු ඇත.

රුපියල් ලක්ෂ 5ක මුදලකට සෞදි අරාබියට යාමට ඒමට ගුවන් ටිකට්පත්, වීසා ගාස්තු, හෝටල් ගාස්තු, මක්කම ශුද්ධ භූමිය තුළ කූඩාරම් පහසුකම්, ආහාර පාන, ප්‍රවාහන ගාස්තු ඇතුළත් අංග සම්පූර්ණ පැකේජයක් සකස් කර ඇති බවයි ශ්‍රී ලංකා හජ් කමිටුවේ ප්‍රකාශක අබ්දුල් සත්තාර් මහතා ප්‍රකාශ කළේ.

(LNW)