මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුව නොමැති බවට තමන් සහතික වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
"දැන් ඒ මහබැංකුව මංකොල්ල කාපු අය අද කියන්න අරගෙන තියෙනවා අපේ ආණ්ඩුවත් මහබැංකුවෙන් වංචාවක් සිදු කළා කියලා. හැබැයි අපි ඉතාම වගකීමෙන් එක්සත් ජාතික පක්ෂයටත් තමුන්නාන්සෙලාටත් කියනවා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ කාලය තුළ මහබැංකුවේ කිසිදු වංචාවක් සිදුවෙලා නෑ කියන සහතිකය අපි මේ රටේ සියලු දෙනාටම ලබා දෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.
(LNW)