Friday, July 04, 2025
Follow Us
දුප්පත්කම තුරන් කිරීමට නව කාර්යය සාධක බලකායක්

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවන උපාය සංවර්ධනය සඳහා කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ, විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කෙරෙන අත්දැකීම් බහුල සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුක්තවයි.

ඉකුත් කාල සීමාවේදී දේශීය ආර්ථික ශක්තීන් ජාත්‍යන්තර සිද්ධාන්ත තුළ නිසි ඇගයීමට ලක්වී නොමැති බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.

ග‍්‍රාමීය, වතු සහ නාගරික අඩු ආදායම් ලාභී ජනතාවගේ නිපුණතා, සුවිශේෂීතා සහ ශක්‍යතා මෙන්ම දුර්වලතා හා අභියෝග ද නිසි තක්සේරුවකට ලක්වී නැහැ.

එබැවින් ජනතාව අපේක්ෂා භංගත්වයකට පත්ව ඇති බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.

මෙලෙස නව කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇත්තේ එම ගැටලූ නිරාකරණය කිරීමේ අරමුණින්.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුණර්ජීවනය කර ග‍්‍රාමීය හා වතු අඩුආදායම් ලාභී ජනතාව ව්‍යවසායකයින් ලෙස දේශීය ආර්ථික බලගැන්වීමේ ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ කර ගැනීම මේ යටතේ සිදුවනු ඇති.

 

(Neth)