Thursday, February 26, 2026
Follow Us
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි ජනපති නියෝග කළා - විමල්

ගිහාන් පිලපිටිය විනිසුරුවරයාව අත් අඩංගුවට නොගන්නැයි නියෝගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම නිකුත් කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"දැන් ගිහාන් පිලපිටිය විනිසුරුතුමාව අත් අඩංගුවට ගැනීම වහාම නොකර ඉන්නය කියන නියෝගය ජනාධිපතිතුමා දුන්නා. ඒක වෙන්න ඉඩ හැරියා නම් ඒක මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ බරපතළ වියවුලක්. මේ රටේ අධිකරණ පද්ධතිය කුඩු පට්ටම් කරන්න දීලා අපට ඉන්න බෑ. රංජන් රාමනායකලා ඒ අධිකරණය තුට්ටු දෙකට වට්ටපු එක ඇත්ත. ඒක බේරගන්න ඕනෙ බොහොම පරෙස්සමින්. ඒ වගකීම රජයක් හැටියට අපට තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ක්‍රියාකලාපය ඊයේ (24) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි.

(LNW)