Thursday, September 19, 2024
Follow Us
මෝදි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ. අයි. – 001 දරන දරන ගුවන් යානයෙන් අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇති අතර, ඔහු එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන් ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත අද පෙරවරු 11 වන විට ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය අවසන් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 11 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.

නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය දහවල් 12 යි 15 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

පස්වරු 3.00ට ඔහු සිය සංචාරය අවසන් කර යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හේතුවෙන් අද පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා කටුනායක සිට කොළඹ දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

(Lanka Leads)