Sunday, April 28, 2024
Follow Us
මහ ඡන්දෙන් පැරදුනොත් ජාතික ලැයිස්තුවෙන් බෑ

මැතිවරණයෙන් පරාජය වන්නන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවට රජය ජනතාවට ලිඛිත සහතිකයක් ලබා දෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජාතික ලැයිස්තුවේ අරමුණ වන්නේ දේශපාලන වැඩපිළිවෙළට අකමැති මේ රටේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්ට පාර්ලිමේන්තුව තුළ ඉඩක් සැළසීම බවත් 2015 දී ඒ අරමුණ දැඩි ලෙස දූෂණය වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි. මේ වන විට පාර්ලිමේන්තුව පැහැදිලිවම කඩා වැටීමකට ලක්ව ඇති බව ත් මන්ත්‍රීවරු 225 දෙනාම අවශ්‍ය නැතැයි මතයක් ගොඩ නැගී ඇති බවත් පවසන රඹුක්වැල් මහතා පාර්ලිමේන්තුවට උගත්, බුද්ධිමත් , දේශපාලන දැක්මක් ඇති සුදුස්සන් පමණක් පත් කිරීමට සියලු පක්ෂ වලට හා ජනතාවට වගකීමක් ඇති බවත් පවසයි.

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ප්‍රතිචාරයෙන් ඔවුන් එය අනුමත කළ බව පෙනී යන බව ද රාජ්‍ය ඇමැති කෙහෙළිය මහතා වැඩිදුරටත් කියා සිටියි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (22) අගමැති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දීය.

(Dinamina)