Saturday, April 27, 2024
Follow Us
මන්ත්‍රීවරුන්ට දුන් වෝහාරික විගණන වාර්තාවේ කරුණු අඩුයි - විවාදයට දින දෙකක් !

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවේ අඩුපාඩු තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති පිටපත්වල ඇතැම් කොටස් ඉවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළේ එවැනි කරුණු අඩුවීමේ ගැටලුවක් මතුව තිබේ නම් සම්පූර්ණ වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර මෙම වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට කතානායකවරයා එකඟතාවය පළකර ඇති බව නියෝජ්‍ය කතනායක ආනන්ද කුමාරසිරි මහතා සභාව වෙත දන්වා සිටියේය. ඒ අනුව පෙබරවාරි මස පළමු සතියේ දින දෙකකදී විවාදය පැවැත්වීමට නියමිතය.

(LNW)