Saturday, November 08, 2025
Follow Us
විශ්‍රාම වැටුප් ගෙවන්න සල්ලි නෑ - ආණ්ඩුව 2019/35 චක්‍රලේඛය අහෝසි කරයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාලව පසුගිය දෙසැම්බර් මාසයේදී නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල චක්‍රලේඛය අහෝසි කරමින් පෙරේදා (20) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ සඳහන් වන්නේ, 2019 දෙසැම්බර් 10 වැනිදා, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනයට අදාලව නිකුත් කළ 2019/35 දරන චක්‍රලේඛය අහෝසි කිරීමට ජනවාරි 02 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ සියලු විශ්‍රාම වැටුප් විෂමතාවයන් විසඳීම මීළඟ අයවැය දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

(LNW)