Friday, July 04, 2025
Follow Us
ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාවට

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාවට හා ගුවන් හමුදාවට අදාළ ප්‍ර දේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා මේ හරහා මාසයක කාලයකට අවසර ලැබෙනු ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසුව සෑම මසකම 21 වැනි දින මෙම ගැසට් නිවේදනය මාසයක කාලයක් වෙනුවෙන් නිකුත් කරයි. එය මේ දක්වා අඛණ්ඩවම දීර්ඝ කරමින් පවතී.

(Lanka Leads)