Friday, July 04, 2025
Follow Us
පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම ලබන 23 වනදා

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ලබන 23 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙතයි. කථානායකවරයා විසින් මෙම සභාවේ සභාපති ධුරය දරනු ලබනවා. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුලු සාමාජිකයන් දස දෙනෙකු ඊට අයත්.

(Neth)