Wednesday, May 08, 2024
Follow Us
සහල්, එළවලු මිල ජනතාවට දරාගන්න බෑ, ඒ අස්සෙ ඉන්ධන මිලත් වැඩි කරන්නෙ නෑ - රෝහිත

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියද එහි පාඩුව ජනතාව මත පැටවීමට කිසිසේත්ම කටයුතු නොකරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව මේ අවස්ථාවේදී ඉන්ධන මිල කිසිසේත්ම ඉහළ නොයන බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමවකදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට සහල්, එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි. එවැනි අවස්ථාවක ජනතාව මත තවත් බරක් පැටවීමට ආණ්ඩුව සූදානම් නොමැති බවයි රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම තවදුරටත් ආණ්ඩුවට දරාගත නොහැකි බවයි. මේ වනවිටත් ආණ්ඩුව පාඩු ලබමින් ඉන්ධන අලෙවි කරන බැවින් ඉදිරියේදී එම පාඩුව ජනතාවට දරා ගැනීමට සිදුවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

(LNW)