ඒකක 15ට වඩා වැඩියෙන් ජලය පරිභෝජනය කරන්නන්ගේ ජල ගාස්තු ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ නංවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යළි අවධාරණය කරයි.
ජලය සැපයීමට යන වියදම ඉහළ නිසා මෙසේ ගාස්තු වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ඉදිරියේදී ජල බිල්පත් ඉහළ නැංවීමට කටයුතු කෙරෙනු ඇති බවයි සඳහන් කළේ.
ඒකක 15ට වඩා අඩුවෙන් ජලය භාවිතා කරන අඩු ආදායම්ලාභීන්ට මෙයින් කිසිදු බලපෑමක් නොවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදීය.
(LNW)