Friday, July 04, 2025
Follow Us
TNA මන්ත්‍රීවරයෙකුට කැබිනට් ඇමතිකමක් හිමිවෙනු ලකුණු

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළා.

විනයාර්ගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හරහා මෙම ආරාධනය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දන් කෝඩීෂ්වරන් වෙත යොමු කොට ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියා.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්දිරන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ එවන් යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි.

අදාළ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් එකඟතාව දක්වා නොමැති බව ද ඔහු කියා සිටියා. කරුණා අම්මාන් හරහා මේ යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ, ආණ්ඩුවේ ඉහළ තැනකින් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

(Lanka Leads)