කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඊයේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
තමන්ගේම සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට 2018 වසරේදී බැනවැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුර වික්‍රමනායක මහතාට එරෙහිව විභාගවන නඩුවක් සඳහා ජනවාරි 14 වනදා අධිකරණයෙහි පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.
(LNW)