Thursday, September 19, 2024
Follow Us
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක්

ජනාධිපතිවරණයට පෙර හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපති, විපක්ෂ නායක සහ අගමැතිවරයාද එකඟතාවකට පැමිණ සිටින බව ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග පැවැසීය.

මේ සඳහා පාර්ලිමේන්තුව විසුරුවිය යුතු අතර ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබිය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සියලුදෙනාමත්, ඒ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්ද මේ සඳහා මේවනවිටත් කැමැත්ත පළකර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

එම මැතිවරණයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති පුටුවේ වැඩ කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුදෙනාම ඒකමතිකව කැමැත්ත පළකර ඇත.

මහ මැතිවරණය අවසන් වී ඉතා කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී නිදහස් පක්ෂයේ සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන විය යුතු බවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබේ.

මහින්ද රාජපක්ෂට අගමැතිවීමට සහය දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන නැවත ජනපති අපේක්ෂකත්වයට සහය ලබාදුනහොත් පමණක් බව නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය වී තිබේ.

(Lanka Leads)