2020 වසර සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවීම අද (17) ආරම්භ කෙරෙනවා.
ඊට අදාළ පුවත්පත් දැන්වීම් ජාතික පුවත්පත්වල පළකරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ.
අද සිට ලබන මස 16 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
(neth)