ඉදිරි මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේලා සඳහා නාමයෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි තීරණයක් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ඇමතිවරයා සඳහන් කරනවා.
රඹුක්වැල්ල මහතා පවසන්නේ භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබා නොදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අදහස් ඉදිරිපත් කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.
මෙම යෝජනාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සමග ද වෙනත් පාර්ශ්වයන් සමගද සාකච්ඡා කළ යුතු බවත්, එම සාකච්ඡාවලින් පසුව අවසාන තීරණය ගන්නා බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පවසනවා.
(LNW)