2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
වතු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ඇතුළු සියලු අංශ කඩිනමින් සංවර්ධනය කිරීමට ද මීට සමගාමීව පිරවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
සිය දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවා ගැනීම සඳහා වතු කම්කරුවන් දීර්ඝ අරගලයක නිරත වූ අතර පසුගිය රජයෙන් ද ඊට විසඳුමක් ලැබුණේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් මෙසේ වතු කම්කරු වැටුප් ඉහළ නැංවීමට ක්‍රියා කර ඇත.
(LNW)