ගල්ෆ් කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් රටතුළ ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ප‍්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
අවශ්‍ය ප‍්‍රමාණයට රට තුළ ඉන්ධන සංචිත පවතින බවත්, අතිරේක ඉන්ධන සංචිත ගෙන්වීමට සාකච්ඡා කරමින් ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ මුලන දික්වෙල ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසර වෙන විට ලංකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක් සකස් කිරීමේ ඉලක්කයක් සතුවන බවයි. දැන් ඉන්ධන සෘජුව ගෙන්වමින් ලංකාව තුළ භාවිතා කෙරෙන බවත් මෙරට තුළ පිරිපහසුව ඉතාමත් අඩුවෙන් සිදු කෙරෙන බවත් එය අලාභයක් බවත් සඳහන් කළා.
(Neth)