අධ්‍යාපනයට, සෞඛ්‍යයට පමණක් නොව ජනතාවට නිසි පරිදි පානීය ජලය සැපයීම සඳහා ද ප්‍රමාණවත් මුදල් වෙන්කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් තමා ඇමති ධුරයෙන් ඉවත් වන බවත් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. දුප්පත් මිනිසුන් වෙනුවෙන් ජලය ලබාදීමට හෝ නොහැකි නම් එවැනි අමාත්‍ය තනතුරක් තමාට අවශ්‍ය නොවන බව ඒ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ජලය නොමැති ජනතාව වෙනුවෙන් ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීම ආණ්ඩුව සතු බවත්, පසුගිය ආණ්ඩු අනුගමනය කළ ක්‍රමවේදවලට වඩා වෙනස් ආකාරයෙන් මෙම ගැටලුව පිළිබඳව සිතිය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙලක් මත ජනතා ගැටලු විසඳීම ජනාධිපතිවරයාගේ සංකල්පය වන බව ද වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමද වැදගත් බැවින්, ඉදිරි අයවැයේදී අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන ආකාරයෙන්ම තම අමාත්‍යංශයටද ඉදිරි අයවැයෙන් ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා. සමාජවාදියෙකු, වාමාංශිකයෙකු ලෙස තමාට අතරමැද නැවතීමක් නොමැති බවත්, ජනතාවට වැඩකළ නොහැකි නම් ඇමති තනතුරු දැරීමේ කිසිදු අවශ්‍යතාවයක් තමාන නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
(LNW)