Sunday, January 11, 2026
Follow Us
අගමැති පැමිණීමට තිබූ ස්ථානයක් පරීක්ෂා කිරීමේදී පෑන් පිස්තෝල කොටසක් සහ තවත් උණ්ඩ කිහිපයක් හමු වේ

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අදාළ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට පෙර මාර්ගය සෝදිසි කිරීමට ලක්කළ අවස්ථාවේ මෙම උණ්ඩ සොයාගත් බවයි.

විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක තිබී ඒවා සොයාගෙන තිබුණා. ඒ අතරට ජීව උණ්ඩයක්, හිස් පතරොම් කොපු 2 ක්, RPG උණ්ඩ 2 ක් සහ පෑන් පිස්තෝලයක කොටසක්ද අයත්.

(Neth)