Friday, July 04, 2025
Follow Us
නිලධාරීන් නිසා සිත් තැවුලෙන් ඇමති ‘‘තනතුර‘‘ අත්හැරීමේ සුදානමක්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ධූරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව වාර්තාවේ.

සිය තීරණ ගැනීමේදී නිලධාරීන් අකුල් හෙලීම නිසා ඔහු සිත් තැවුලට පත්ව ඇති බව එම වාර්තා වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

රාජගිරියේ පිහිටිි අති සුඛෝපභෝගී ‌ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ඉවත් ‌කොට යළි ‌ගොවිජන මන්දිරය ‌වෙත රැගෙන යන ‌ලෙසට නියෝග ලබා දී තිබියදීත් නිලධාරීන් පිරිසක් ඊට අකුල් ‌හෙලමින් එම නියෝග ක්‍රියාත්මක ‌නොකර සිටීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ ‌හේතුවෙන් ජනාධිපතිවරයා වහාම තීන්දුවක් ගත යුතු බවත්, දූෂිත නිලධාරීවාදයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතු බවත්, ‌මෙම ඇතැම් නිලධාරීන්ට ගිවිසුම් අත්සන් කිරීමේදී ‌චෙක්පත් ලැබී ඇත්දැයි තමන් ‌‌මේ දිනවල ‌සොයාගෙන යන බවත් වික්‍රමනායක මහතා අවධාරණය කර ඇත.

(Lanka Leads)