විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම මෙම මස සිට නිශ්චිත දිනයකදී ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට 15 වැනිදා මහපොළ ශිෂ්‍යාධාරය නිශ්චිතව ලැබෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ප්‍රමාද වූ මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබන සතිය තුළ ගෙවා නිමකරන බවද අමාත්‍යවරයා පවසයි.
රජය මෙම තීරණයට එළඹ ඇත්තේ පසුගියදා විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල ආසන්නයේ පැවති විරෝධයට සමගාමීව එදින අමාත්‍යවරයා හා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් සමඟ පැවති සාකච්ජාවේ ප්‍රථිපලයක් ලෙසය.
එහිදී මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකර ගැනීම සහ ප්‍රමාද වූ ශිෂ්‍යාධාර මුදල් කඩිනමින් න්ලබා ගැනීම සම්බන්ධයෙන් සිසුන් එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව රජය උක්ත තීරණයට එළඹ තිබේ.
මේ මොහොතේ එම අරමුදල වැඩිකිරීම සිදුකළ නොහැකි අතර ඉදිරියේදී අයවැය මඟින් එම අරමුදල් වැඩිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට සලකා බලනු ඇති බව අමාත්‍යවරයා කියාසිටියි.
මසකට රුපියල් 5000 බැගින් මහපොළ ශිෂ්‍යාධාර මුදල් ලබා දීම සිදුකරන අතර ඒ සඳහා සෑම මසකම රජය රුපියල් මිලියන 200ක වැය බරක් දරන බවයි බන්දුල ගුණවර්ධන මහතා පෙන්වාදෙන්නේ.
දැනට මහපොළ ශිෂ්‍යාධාර අරමුදල සතුව පවතින්නේ රුපියල් බිලියන 10.5 බවත් මහපොළ අරමුදලේ ආයෝජනය කිරීමේදී පසුගිය කාලය තුළ රුපියල් බිලියන 02කට ආසන්න මුදලක් පාඩු ලබා ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම අරමුදල රුපියල් බිලියන 20 දක්වා වර්ධනය කර ගැනීම රජයේ ඉලක්කය බවද හෙතෙම පෙන්වාදෙයි.
ඒ වෙනුවෙන් විකල්ප ක්‍රියාමාර්ග හඳුනාගෙන තිබෙන අතර නව ලොතරැයියක් හඳුන්වා දීම,මහපොළ ශිෂ්‍යාධාර ලබමින් අධ්‍යාපනය හැදෑරු සිසුන් ලක්ෂ 03 පමණ ප්‍රමාණයක් ලොව පුරා ආර්ථික වශයෙන් ස්ථාවර මට්ටමක සිටින අතර online ක්‍රමය හරහා ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වීම,මහපොළ භාරකාර මණ්ඩලය විසින් මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන දිස්ත්‍රික් මට්ටාමින් පවත්වා එම ලැබෙන ආදායම අරමුදලට බැර කිරීම,විශ්ව විද්‍යාල සම්පත් භාවිතා කරමින් එම ආචාර්යවරු පවත්වන සති අන්ත පාඨමාලාවලින් ලැබෙන ආදායමින් ප්‍රතිශතයක් ලබාගැනීම සහ රට පුරා සිටින දානපතියන්,සත්පුරුෂයින් හා අධ්‍යාපනය ලබන දරුවන්ට ආධාර කිරීමට කැමති පුද්ගලයින් ස්ව කැමැත්තෙන් ඊට දායක කරගැනීම ඒ අතර වන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙහි ආරම්භයක් ලෙස සිය මන්ත්‍රී වැටුපෙන් 10%ක කොටසක් මෙම අරමුදලට බැර කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
බන්දුල ගුණවර්ධන මහතා මෙම අමාත්‍යාංශයේ කටයුතු භාර ගනිමින් ආරම්භයේදීම සඳහන් කළේ විශ්ව විද්‍යාල තුළ පවතින ගැටලුවලට තමන් පියෙකු වශයෙන් මැදිහත්ව විසඳුම් දෙන බවයි.
(LNW)