පසුගිය රජය පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණයවී ඇති බවත් පොහොර හිඟයක් ඇතිවීමට හේතුවූයේ එය බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
එම මුදලෙන් රුපියල් බිලියන 6ක් ඉතාම අසීරුවෙන් ගෙවාදමා මේ වනවිට පොහොර ලබාගැනීමට රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් කෘෂි රසායන භාවිතය අතින් ශ්‍රී ලංකාව ඉහළම තැනක සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝකයේ වස කවන රටවල් අතර ප්‍රධානම තැන අපට ලැබී ඇති බවත් සඳහන් කළ ඒ මහතා ජනතාව කාබනික පොහොර කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව ද අවධාරණය කළේය.
චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
(LNW)