ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගය පරිශ්‍රයේදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්.
දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිටි ජනතාව සමග ද සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම අවස්ථාවට මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, එස් බී දිසානායක, දිලුම් අමුණුගම ඇතුලු මැති - ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා.
(Neth)