Friday, July 04, 2025
Follow Us
අළුත් ආණ්ඩුවෙන් උපාධි නිකුත් කිරීමට පෞද්ගලික ආයතන දෙකකට අවසර

නව උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන 2කට අවසර ලබාදෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එල්.එල්.ටී.එස්. ආයතනයට සහ සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව නෛතික අවසරය හිමිව ඇත.

ඒ අනුව සංචාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී , ඉ – සංචාරක හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) , යන්ත්‍ර විද්‍යුත් පිළිබඳ ඉංජිනේරු විද්‍යා (ගෞරව) සහ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී (ගෞරව) උපාධි පාඨමාලා පැවැත්වීමේ අවසරය එස්.එල්.ටී කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට හිමි වී තිබේ.

මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව , ව්‍යාපාර හා කාර්මික ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ බැංකු කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව යන උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අවසර ලැබී තිබේ.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය පිරිනැමීම සඳහා එල්.එල්.ටී.එස්. කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මීට ඉහත අවසර ලබාදී තිබූ අතර ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පිරිනැමීමට සිනෙක් කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අවසර හිමිව තිබිණි.

(Lanka Leads)