යහපාලන රජය සමයේ දේශපාලන හේතූන් මත පළිගැනීමට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම කොමිෂන් සභාව පත්කර තිබේ.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර, ගැසට් නිවේදනයට අනුව කොමිසමේ සාමාජිකයන් වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් වේ.
2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය සහ එම වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති මහ මැතිවරණයෙන් අනතුරුව ඊට පෙර තනතුරු දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි මෙන්ම පොලිසියේ සාමාජිකයින් දේශපාලනමය වශයෙන් පලිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම ජනාධිපති කොමිසමට බලය පැවරී ඇත.
මෙම කොමිසමේ කටයුත් ඉතා කඩිනමින් අවසන් කර අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට නියමිතය. ඒ අනුව ජනාධිපතිවරයා කොමිසම වෙත දැනුම් දී තිබෙන්නේ මාස 06 ක් ඇතුලත විමර්ශන වාර්තා තමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.
(LNW)