Sunday, April 27, 2025
Follow Us
වෛද්‍ය අඥාපනත සංශෝධනයට

වෛද්‍ය අඥාපනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කාර්ය බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කොට ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ කාර්යභාරය හා වගකීම් කාලානුරූපව සංශෝධනය කිරීම මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම පිණිස වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිබුණි.

එම ක්ෂේත්‍රෙයේ විශේෂඥතාවයක් සහිත විද්වත් කමිටුවක් විසින් එසේ සංශෝධනයට ලක්විය යුතු අංශ හඳුනාගෙන සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කොට තිබූ බවත් ඒ අනුව මෙම අඥාපනත සංශෝධනය කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කාර්ය බලකායක් පිහිටු විය යුතු බව මේ පිළිබඳ රාජිත සේනාරත්න අමාත්‍ය‍වයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවේ දැක් වේ.

(LNC)