Saturday, March 28, 2026
Follow Us
විදෙස් ගමන් බලපත්‍රය සුදානම්ව තබා ගන්න : සෞදියේ වෙසෙන ලාංකිකයින්ට තානාපති කාර්යාලය දැනුම් දෙයි

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට සුපරික්ෂාකාරිව සිටින්නයි එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දි තිබේ.

ජනතාව බහුලව රැස්වෙන ස්ථාන මගහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය අවවාද කර ඇත.

එමෙන්ම තමන්ගේ විදේශ ගමන් බලපත්‍රය සැම විටම සුදානම්කර තමා ලග තබා ගන්නා ලෙසත් තානාපති කාර්යාලය එරට වෙසෙන සියළුම ලාංකිකයින්ට අවවාදාත්මක දැනුම් දි තිබේ.

(Lanka Leads)