ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුවේ ස්ථාවරය නොවන බව මේ වනවිට තහවුරු වී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලිය ගහ මන්දිරයේදී පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති පළමු සාකච්ජාවේදී මේ බව අනාවරණය විය.
මෙහිදී පැමිණ සිටි කර්තෘවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කළ විමසීමේදී ඊට සහභාගීව සිටි අමාත්‍යවරුන් කියා සිටියේ ආණ්ඩුව තුළ එවැනි ස්ථාවරයක් නොමැති බවත්, කඩිමුඩියේ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ සංවාදයක් ඇති කොට තීන්දු තීරණ ගත යුතු බවත්ය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ බලතල අහෝසි කරමින් රටේ ආරක්ෂාව, සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා මත ස්ථාපිත කිරීම සහ ප්‍රධාන පක්ෂ කුඩා පක්ෂවල අතකොළුවක් වීම නවතාලීම සදහා පසුගිය කාලයේ පැවැති 12.5% ප්‍රතිශතය නැවත ස්ථාපිත කිරීම ඇතුළත් 21 හා 22වන සංශෝධනයන් විජයදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිණ.
(Lanka Leads)