Monday, January 12, 2026
Follow Us
රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ විශේෂ දීමනාව අත්හිටුවයි

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙත ලබාදීමට පසුගිය රජය විසින් පොරොන්දු වී තිබුණු රුපියල් 15,000ක විශේෂ දීමනාව තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 07 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 02 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පෙරේදා (07) ලිඛිතව දැනුම් දී ඇත.

(LNW)