Friday, July 04, 2025
Follow Us
තවත් රාජ්‍ය අමාත්‍යධූරයක විෂය පථය ගැසට් කරයි

සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා වන විෂය පථයන් ගැසට් කර තිබේ.

විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහා වන විෂය පථයන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන කාර්යංශය රාජ්‍ය අමාත්‍යවරයා යටතට ගැසට් කර තිබේ.

(Lanka Leads)