Friday, May 03, 2024
Follow Us
හිටපු ජනපති ප්‍රකාශයක් දෙන්න සූදානම්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (07) හෝ අනිද්දා (08) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් බව දන්වා ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරීස් මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව අද (06දා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් ඔහු මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා තවමත් දින ලබාදී නොමැති බවත් ඔහු පැවැසීය.

පාස්කු ප්‍රහාරයට අදාළව අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහතුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

(Lanka Leads)