Friday, May 03, 2024
Follow Us
මෙතෙක් VAT ගෙවූ 50,000කට බදු නිදහසක්

වාර්ෂිකව රුපියල් මිලියන 300කට වඩා වැඩි ආදායමක් ලබන ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් වැට් බදු අය කරගැනීමට තීරණය කිරීම හේතුවෙන් ලියාපදිංචි වී සිටි ව්‍යාපාර සහ පුද්ගලයන් පනස්දහසක් (50,000) පමණ බදුගෙවීමෙන් ඉවත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ එවැනි ව්‍යාපාර සහ පුද්ගලයන් පනස්දහසකගේ නාම ලේඛනයක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ව්‍යාපාර සහ පුද්ගලයන් මේ වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිණි. දේශීය ආදායම් පනතට අනුව එලෙස ලියාපදිංචිය අක්‍රිය කරන ව්‍යාපාර සහ පුද්ගල නාම දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කළ යුතු වෙයි.

මෙම ලේඛන මාසිකව යාවත්කාලීන කළ යුතුයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 300ට අඩු බවද ආදායම් බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2019 වර්ෂයේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සියයට 98කින් සම්පූර්ණ කර ඇති බවද කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ පවසයි.

(Aruna)