Saturday, May 04, 2024
Follow Us
ආණ්ඩුවට ඉන්නේ 89ක් විතරයි. රැකියා දෙන්න බැරි ඒක නිසයි - ඩලස්

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයට සිටින්නේ මන්ත්‍රීවරුන් 89 දෙනෙකු පමණක් බවත් විපක්ෂයට මන්ත්‍රීවරුන් 135 දෙනෙකු සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙම තත්වය තුළ මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට නොහැකි නිසා ජනතාවට රැකියා ලබාදීමට ද ආණ්ඩුවට නොහැකි වී ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.

"දැන් ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු ඉන්නවා. පාර්ලිමේන්තුවට මොකද වෙලා තියෙන්නෙ ? පාර්ලිමේන්තුවේ අපට උස්සන්න අත් තියෙන්නෙ 89යි. විරුද්ධව අත් උස්සනවා 135ක්. මේ පාර්ලිමේන්තුවත් එක්ක අපට යන්න පුළුවන්ද ? ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුළෙ අයවැයක් සම්මත කරන්න පුළුවන්ද ?

තමුන්නාන්සෙලාගෙ උසස් පෙළ සමත් දරුවන්ට රස්සාවල් ටික දෙන්න ඕනෙ. රස්සාවල් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විතරක් ගුරු සහායක පත්වීම් 60,000ක්. හැබැයි මොකද වෙලා තියෙන්නෙ ? මේ පාර්ලිමේන්තුවෙන් ඒකට මුදල් අනුමත කරගන්න බෑ. ඒකට බහුතරයේ පාර්ලිමේන්තුවක් ඕනෙ" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මාලිම්බඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)