Friday, May 03, 2024
Follow Us
සිංහල බෞද්ධයා රැකුණොත් විතරක් සෙසු ආගම් ඇදහීමේ නිදහස රැකෙයි - මහින්ද

මෙරට සෙසු ආගමිකයින්ගේ ආගමික නිදහස රැකෙන්නේ සිංහල බෞද්ධයින් රැකුණොත් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාලි ත්‍රිපිටකය සහ අට්ඨ කථා ඇතුළු බෞද්ධ ග්‍රන්ථ ඇතුළත් ටැබ් පරිගණක භික්ෂූන් වහන්සේලා වෙත බෙදාදීම සඳහා ඊයේ (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති උත්සවයක් අමතමිනි.

"බෞද්ධ ශාසනය රැකගැනීම, සිංහල ජාතිය රැකගැනීම, රටේ ඒකීයභාවය රැකගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල්. මේවා වෙන් වෙන් කරන්න පුළුවන්කමක් නෑ. අපෙ ඉතිහාසය තුළ ඉතාම පැහැදිලිව පේන්න තියන කාරණයක් තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වල මේ රටේ ආගමික නිදහස රැකෙන්නෙ කියන එක.

මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ නිදහස හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නේ සිංහල බෞද්ධ ජනතාවයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පසුගිය වසර 5 තුළ මෙරට අත්දුටු දේවල් නිසා ජනතාවගේ ජාතික හැඟීම තවත් වැඩිවූ බව පැවසූ ඒ මහතා සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝධයා කියූ යුගය නොවැම්බර් 16 වනදායින් අවසන් කළ බවත් ප්‍රකාශ කළේය.

(LNW)