Friday, May 03, 2024
Follow Us
බෙදන්න දුන්න රාජ්‍ය ඇමති බලතලත් ඇමතිවරු බදා ගනී

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් බෙදා දී ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසට ජනාධිපති කාර්යාලය ලබාදුන් නියෝගයට අනුව අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට බලතල පවරා නොමැති බව වාර්තාවේ.

මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේෙ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණි.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අනෙක් කැබිනට් අමාත්‍යවරුන් 14 දෙනා මෙතෙක් විෂය පථයන් පවරා දෙමින් ගැසට් පත්‍ර නිකුත් කර නොමැති බවයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් පවරා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපති කාර්යාලය විෂය පථයන් බෙදා දෙමින් සකස් කළ ආකෘති පත්‍රයක් කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනාට යොමුකර තිබුණි .

එය අනුමත කර විෂය පථයන් බෙදා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබුණි.

(Lanka Leads)