Monday, January 12, 2026
Follow Us
නව රජයේ තීරණයෙන් පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ඉහලට…දේශපාලකයන්ගේ රූපත් ගලවයි

ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු පාසල් නිළ ඇඳුම් වවුචර් පතට ඇතුලත් කර තිබූ දේශපාලකයන්ගේ ඡායාරූප වෙනුවට පාසල් දරුවන් පිරිසකගේ රුව ඇතුළත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර එම වචුවර් පත්වල හිටපු ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූප ඇතුළත් කර තිබුණා.

මේ අතර මෙවර පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා නිකුත් කෙරෙන වවුචරය මගින් පාසල් සිසුන්ට පිරිනමන මුදලද ඉහළ දමා තිබෙනවා. ඒ රුපියල් 525 සිට රුපියල් 735 ක් දක්වායි.

(Lanka Leads)