Tuesday, September 16, 2025
Follow Us
වසර 3ක් යනතුරු ඇමතිවරුන්ට, ආයතන ප්‍රධානීන්ට වාහන ගෙන්වීම තහනම්

වසර තුනක් ගතවන තුරු අමාත්‍යවරුන් සඳහා සහ රාජ්‍ය ආයතන සඳහා අලුතින් වාහන මිලදී ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

රජය සතු වාහන නිසි කළමනාකරණයකට ලක් නොකර විටින් විට වාහන මිලදී ගැනීම හේතුවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් නාස්ති වීම වැළැක්වීමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, දැනට රජය සතු වාහන සංචිත පිළිබඳ නිසි විගණනයක් සිදුකර ඒවා වඩාත් ඵලදායී අන්දමින් සේවයෙහි යෙදවීම සඳහා වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.

(Lanka Leads)