Tuesday, September 16, 2025
Follow Us
නව පාර්ලිමේන්තු සභාවාරය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය අද (03) පෙරවරු 10.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පසුගිය පාර්ලිමේන්තු සභාවාරය 2019 දෙසැම්බර් 02 වනදා අවසන් කරන ලද අතර අද දිනයේ නව සභාවාරය විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරේ.

ඒ අනුව, පෙරවරු 09.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමඟ උත්සවය ආරම්භ කෙරෙන අතර ජනාධිපතිවරයා මුලසුන දරමින් සභාවාරය ආරම්භ කර, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා යළි පස්වරු 01.00 සභාව රැස්වීමට සැලසුම් කර තිබේ.

(LNW)