Friday, July 04, 2025
Follow Us
මාර්තු 1-4 පාර්ලිමේන්තුව විසුරුවයි ?

වත්මන් පාර්ලිමේන්තුව ලබන මාර්තු මස මුල් දින පහ ඇතුළත විසුරුවා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි. ඒ අනුව මාර්තු මස 01 වැනිදා හෝ 4 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි පැවසේ.

වත්මන් පාර්ලිමේන්තුවට වසර හතරහමාරක කාලයක් ඉක්මවීමෙන් පසුව එනම් ලබන මාර්තු මස 01 වැනිදායින් පසුව ඕනෑම දිනකදී විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී ඇත.

ඒ අනුව මාර්තු මස 01 වැනිදා මධ්‍යම රාති‍්‍රයේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අනිවාර්යයෙන්ම අපේ‍්‍රල් මස 25 වැනිදා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ආණ්ඩුවට දැනුම් දී ඇත.

එමෙන්ම මාර්තු මස 04 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අපේ‍්‍රල් මස 27 ත් මැයි මස 10 වැනිදාත් අතර දිනකදී මැතිවරණය පැවැත්විය හැකි බවද දැනුවත් කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට හා පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන දිනය තීරණය කිරීමේදී පාසල් නිවාඩුව, වෙසක් උත්සවය හා ජාත්‍යන්තර කම්කරු දිනය පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් සුදුසු බවද කොමිසම සඳහන් කර ඇත.

(Lanka Leads)