Friday, July 04, 2025
Follow Us
නව නිපැයුම්කරුවන්ට ජනවාරි සිටම රජයෙන් සහන රැසක්

නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමට නව වසරේදී සහන රැසක් ලබාදෙන බව රජය පවසනවා. එහි පළමු පියවර ලෙස නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් මුහුණදී ඇති ගැටළු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ලබාගන්නා බවයි තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පැවසුවේ.

හෙට උදාවන නව වසරේ නව සැලසුම් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නව නිපැයුම්කරුවන්ට ණය සහන ලබාදීමටද අදහස් කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

නව නිපැයුම්කරුවන්ට දිරිදෙන මෙම ව්‍යාපෘතීන් ජනවාරි මාසයේදීම ආරම්භ කරන බව තාක්‍ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියා.

(Neth)