Friday, July 04, 2025
Follow Us
ජනතාවනි බිය නොවන්න. මහබැංකුව ණය ගෙවාවි - ඇමති බන්ධුල

ඉදිරි වසරේදී ගෙවීමට නියමිතව ඇති ණය සහ පොළී වාරික ගෙවා දැමීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකරගත යුතු නොමැති බවත් ශ්‍රී ලංකා මහබැංකුව එය නිසි පරිදි ඉටු කරනු ඇති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

"ඒ ගැන කිසිසේත්ම ඔබතුමා කලබල වෙන්න එපා, මොකද ඒ සඳහා වෙනම රාජ්‍ය ආයතනයක් තියෙනවා. රජයේ බැංකුකරු, මුදල් නියෝජිතයා හා මූල්‍ය උපදේශකයා වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිළිබඳ.

ඒ දෙපාර්තමේන්තුව කිසි දවසක සතයකවත් වාරිකයක් හිඟ තියන්නෙ නැතුව ඒ කටයුත්ත කරලා තියෙනවා, මෙවරත් ඒ විද්වතුන් ඒ කටයුත්ත කරයි" යනුවෙනුයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉතිහාසයේ වැඩිම ණය සහ පොළී වාරිකය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.8ක මුදලක් 2020 වසරේදී ගෙවීමට ඇති පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

(LNW)