ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අතිරේක රාජ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම අඩු කිරීම හේතුවෙන් පසුගිය මාසය තුළ රජයට රුපියල් කෝටි 2000කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරක්ෂක සේවය, ප්‍රවාහන අංශය, කාර්ය මණ්ඩලය අවම කිරීම සහ අමාත්‍ය මණ්ඩලය අවම කිරීම මෙන්ම රජයේ ආයතනවල නිල තනතුරු අවම කිරීම මෙසේ මුදල් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මැති ඇමතිවරුන් සඳහා කිසිදු වාහනයක් අලුතින් මිල දී ගැනීමට හැකියාවක් නොමති වීම න නිසාද මෙසේ සැලකිය යුතු මුදලක් ඉතිරි කරගන්නට හැකියාව ලැබී ඇත.
(Aruna)