Thursday, September 19, 2024
Follow Us
ලීමෝල් – වඩු මඩු තහනම්… වෙනත් රස්සාවක් හොයාගන්න

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ පවසයි.

ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා..,

“ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.

ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.

ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.

එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.

දුප්පත් අය වඩු මඩු ගහනවා.

මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.

ලී මෝල්වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)