Friday, July 04, 2025
Follow Us
රියැදුරු බලපත්‍රය සැකසූ බවට SMS පණිවඩයක්

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයැදුම්පත් භාර දෙන පුද්ගලයාට බලපත්‍රය සූදානම් කිරීමෙන් පසු එස්.එම්. එස්. (SMS) පණිවුඩයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම කාර්යක්ෂම කරන ලෙස දැනුම් දෙන ලදී. නව ක්‍රමවේදය මාසයක් තුළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දී තිබුණි.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිකුරාදා (27) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී තීරණය වී ඇත්තේ අයදුම්පත් භාරදීමෙන් පසු රියැදුරු බලපත්‍රය සකස් කිරීමෙන් අනතුරුව අයැදුම්කරුට එස්.එම්.එස්. පණිවුඩයක් ලබා දීමටය. අයැදුම්කරු එම ස්ථානයේ රැඳී සිටීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද මෙහිදී සාකච්ඡා වී ඇත. මෙම යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ලබන වසර මුල සිට ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

(Aruna)