Friday, July 04, 2025
Follow Us
චීනයෙන් සහ ඉන්දියාවෙන් ගෙනා දුම්රිය කට්ටල 08ක් ධාවනයට සූදානම් කෙරේ

චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද නව දුම්රිය කට්ටල 8ක් අද (29) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

එම දුම්රිය කට්ටල ලබන ජනවාරි මස මුල් සතියේ සිට ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ අතර භික්‍ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්‍ෂය සඳහා දුම්රිය ස්ථානවල පවතින පහසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වනවා. එම පාර්ශ්වයට අවශ්‍ය පහසුකම් සලසන ලෙස තමන් දුම්රිය බලධාරීන් වෙත උපදෙස් දී ඇති බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පැවසුවේ.
(Neth)